මුවරද පිරුණු මල් අතරෙහි නොදුටිමි මම ආදරේ
සඳ දිය දෙවුණු ගං දෑලක නොදුටිමි මම ආදරේ
කඳු වියනේ හරිත රටා අතරේ නොදුටිමි මම ආදරේ
තනි යහනේ හුදකලාව උණන කඳුල ආදරේ

සැණකෙළියේ මධු බඳුනේ පතුලෙ නොමැත ආදරේ
මහ මැදුරේ මුදු පලසෙහි පිය නොනඟයි ආදරේ
හිමිදිරියේ පහන් තරුව නොදනී ඒ ආදරේ
තනි වූ සිත් තුළින් නැගෙන දුක් ගීයයි ආදරේ

සුන්දර රාත්රියකි මනරම්
යළි නොඑන ගෙවී යන
තරිඳු කිරණත් හෙමින් ඇවිදින්
කවුළු දොර අස්සෙන්
යහනතේ හිස මතට වැටිලා
සුමුදු එළියෙන් මුව පෙනෙයි
ලංව වෙළිලා දෑත් පටලා
මුවෙහි උණුසුම සොයා යයි
තිසර තුඩු හිස ඔසවලා විත්
ඇඟිලි තුඩු මත තුඩු දෙවයි
රැහැයි නාදෙත් නිසල වී ගොස්
හදවතේ හඬ සවන පතුරයි
එපා රිවිඳුනි නැගී එන්නට
සොඳුරු රාත්රිය ගෙවී යයි

හරි උසින් නුඹ පිපී
නෙළන්නට බැරි බැවින
ලස්සනයි නුඹ ඉතින
නෙලූ මල් පරදවන
නෙළන්නට බැරි නිසා
පර නොවෙයි විගසකින
නෙලූ මල් වාගේ
දමා ඇති බඳුනේ
නෙලූ මල් සැමදාම
සිතේ පිපිලා රුවට
නෙලාගත් දෑත හිමි
පර නොවෙයි කිසි දිනෙක
වනේ පිපි මල් ලෙසින

සඳවත පවා වැසිලා ඇත දූවිල්ලෙන්
හදවත නමුදු නැලැවී යයි ඕවිල්ලෙන්
සවනත වැටෙන කුරවී ගී වැලැපිල්ලෙන්
පදරුත් සොයමි ඔබ කඳුලැලි ගඟුලැල්ලෙන්

සඳ පහන සේ දිලී හිනැහියන්
මහ වැස්ස ඇද හැලී ගිය සැණින්
කොවුල් නද වී ගීත ගයාපන්
සැඩ සුළඟ නිසල වී ගිය සැණින්

සඳ හිරු තරු කැට නොපෙනෙන වන ගැබ
සිටියාට නොදැණුනා පාළුවක්
ඔබත් මා ළංව ඇති කටුක වූ මනු පුරේ
සොයමි හුරු පුරුදු වූ මාවතක්

ඇළ දොල පාමුල ගැයෙනා කවියකි
අප හද මල් තුල රැඳෙනා සෙනෙහස
කුණාටු සුළඟට මොර ගෙඩි වැස්සට
දිය කළ හැකි වෙද හද රැඳි එ සුවඳ

නිමල දිය දහර වන් සෙනෙහස සිතේ දරා
කොමල තෙපුල වත නිලුපුල ඇඳේ නුරා
එමල නෙලිමි කටු නැත නටු අගෙහි පුරා
අමිල තිලිණයක සොඳුරිය සඳයි සරා

සොඳුරු සිහිනයකි ගෙවෙනා කල දවස
පඳුරු ලලා වැවෙනා සෙනෙයෙහි නිවස
අඳුරු සෙවණැලිත් පලවා හැර සවස
කඳුරු දිය සොයමු නිවනට පෙම් පවස

ලවන් මතෙහි ගලනා ඒ කඳුළු කැට
පවන් සලා පිස ලන්නෙමි දිනෙක හෙට
සවන් පුරා දොඩනා බස් ගැටෙන විට
ගුවන් ගැබට පියඹන්නට හිතයි මට

එල්ලිලා අතු අගෙක
පාද ඇත උඩ අතට
හිස බිමට වූ බැවින
මොළය ඇත හිස තුළම . . . !
රැහැන් අතරෙහි වැදී
මියෙන මුත් සැර වැදී
නොදනිමු ය අප වරද
පය ගසනු තැන් නොහී . . .
උඩු වියන් පාවඩය
කොන්ක්රීට් මුතු කුඩය
අතර පියඹා යමු ද
සොයා අර සඳ මඬල . . .
දිවා කල ගස් සෙවණ
රෑ කලෙහි සඳ එළිය
දුටුවෙමු අඳුරෙහි එළිය
නොදැක එළියෙහි අඳුර . . !

මෙන්න කඳුළු බින්දුවක් . . .
මොන ඇහැකින් වැටුන ද?
සිංහල ද, දෙමළ ද, නැත්නම් මුස්ලිම් ද?
හිත පාරා රිදුම් දෙද්දි
හඬනා ඇසකින් වැටුන ද මන්දා . . .
පැතූ පැතුම් සඵල වෙලා
සිනා වෙද්දි සිත පුරවන්
සතුටට වැටුණ ද මන්දා . . .
යුද්දෙට ගිය සිය සැමියා
සීල් කරපු පෙට්ටියකින්
ගෙදරට ගේනා වෙලාවෙ
ඇගේ ඇසින් වැටුණ ද මන්දා . . .
සල්ලි ගරන උපායකට
අනුන්ගෙ දුක උකස් කරන
ඩොලර් කාක්කෙකුගෙ ඇසින්
කිඹුල් කඳුළු බිඳු විලසට
වැටුණද මන්දා . . .

රතු රෝස දියවී බිම වැටී
හිරු සඳු ද සැඟවී අඳුරු වී
කළු මේඝ තිරයෙන් නුබ වැසී
වැසි ඒවි වේගෙන් ඇදී

ඇස ගාව පිපිලා රත් කුසුම්
හද ගාව රැඳිලා සුවඳකින්
සිටි කාලෙ කිමදෝ නිම වුණේ
මල් නටුව පඳුරෙන් මිදේ

මතු ඈත දවසක අප යළිත්
හමු වේවි නැවතත් අහඹුවෙන්
පරවූ අපේ ඒ පෙම් කුසුම්
සැනසේවි නටඹුන් බලා

සඳ නිහඬ තරු නිහඬ රැහැයියන් නිදි කිරන
මැදියමේ සීතලෙන් මේ පාලු කුටිය තුළ
සිහිනයේ සිත්තම්ව ඇස් පියන් මතට එන
රෑ යමේ තුන් යමේ කඩුපුලේ සුවඳ සේ
සිහිනයේ ගල්වලා ඒ සුවඳ තව දැනේ
කුරු බිලිය තුළින් විත් හොර රහසෙ සිත් ඉමට
සැතපෙන්න සයනයෙහි සිතුවිලින් අතුළ විට
හෙට උදේ හිරු නැගී කොඳ කැකුළු පරව යයි
සිහිනයේ සරමින් ම දෙන්න මට තුටුවන්න
පෙණ දමන මධුවිතක ගල්වලා සිතට එන
මතකයන් සමුදාය වියළිලා ගියත් අද
දිගු නිහඬ කල් ගෙවා කතරකට වසින ලෙස
අමතකවු මතකයක් සිත් ඉමට පැමිණ ඇත

මේ අහස යටම


මේ පොළව උඩම
අපි හමුවුනා

අපි වෙන්වුනා
මේ පොළව මතම
ඒ අහස දෙස බලන්
මම තාමත් හඩනවා...
සයුර ලෙසම
සතර අතට
විහිදුනු නුබෙ
සෙනෙහෙ කන්ද
අහසට බට
හිස් සුසුමක් මෙන්
ගිලිහී යද්දී..
සද පිරුනු දිනක
ඒ අහස දෙස බලන්
මම තාමත් හඩනවා
..

උඹට ඔනේමනම්
මාව අමතක කරපන්
මගේ දිහා බලන්නැතුව හිටපන්
මාත් එක්ක කථානොකර හිටපන්
මාත් එක්ක හිනානොවී හිටපන්
ඇති තරම් මාව අඩවපන්
ඇති තරම් මාව රිදවපන්
මට ජීවිතේ එපා කරවපන්
ඒත් මට
උඹදිහා බලන් නැතුව ඉන්න කියන්නනම් එපා
ඊට වඩා හොදයි මගේ ඇස් දෙක උගුල්ලලා දැම්මනම්......
ඉදා උගුල්ලලා දාපන් මගෙ ඇස් දෙක......

මා තුරුලට වී ඔබ දුන් හීනය
කවදාවත් නෑ ඉටුවන්නේ
ඒ සිහිනය යලි මනසට එනවිට
කදුලයි තනියට ලග ඉන්නේ

ඔබ මා අතහෙර වෙනතක ගියට
නෑ මා ඔබ හට දුක් දුන්නේ
යලි මා තුරුලට ඔබ එනවානම්
එයයි මගේ සිහිනය වන්නේ

ආදරේ දැක සිහින ලෝකෙට
මුලා වෙන්නට යනු එපා,..
ඔබෙ සෙනෙහස කෙනෙක් දුටුවිට
දුක්ක වී එනු එපා,...
ආදරෙයි යැයි කෙනෙක් කීවට
ඔහුට ආදරේ දෙනු එපා,...
ආදරේ තම හදේ පතුලෙම
නිදන් වී ඉන්නට එපා,...

ආදරය කරද්දි දුක, සතුට, වේදනාව
දරා ගන්නට නොහැකි නම්.....
රතු නොකොට ඇස්
යනු මැන වෙන්වී............!!!!!

මතක අතරින් එබී
බොහො දෑ ඔබ මගෙන් අසයි
කදුලු පිරි නෙත් පියන්
ඔබට පිලිතුරු දෙයි..,,
"එදා මගෙන් ඔබවිදි සෙනෙහස
අදටත් එසේමයි"...
අකුරු ගලපමින් ඔබ මගේ
දෙනෙත් කියවයි...,
සිතේ තෙරපෙන සිතුවිලි
තවමත් දලුලා වැඩෙයි...
නන්නාදුනනා වේදනාවක්
හදවතේ ඔබමොබ
සක්මන් කරයි...
මතකය අතරින්
යලිත් ඔබ එබිකම් කරයි
බොහො දෑ ඔබ මගෙන් අසයි
කදුලු පිරි නෙත් පියන්
යලිත් ඔබට පිලිතුරු දෙයි....

ආදරය කියන්නේ ජලය වගේ
අපිට ඒ ජලය ගන්න පුළුවන්
ඒත ඒකට විධි 2 ක් තියෙනවා
එකක් තමා
අපේ ගෙදර තියන ටැප් එකෙන්
අනිත් එක තමා පාරේ තියන ටැප් එකෙන්
ඒත් පාරේ තියන ටැප් එකෙන් හැමෝම ජලය ගන්නවා
ඒකට මුඩුක්කුවේ අයත් එනවා
ඒත් ගෙදර තියන ටැප් එක එහෙම නෙවෙයි
ඒකේ ජලය ගන්නේ අපි විතරයි
ඒත් ඒකට අපි බිල ගෙවන්න ඕන
බිල ගෙව්වේ නැත්නම්
දෛවය කියන ජල සම්පාදන මණ්ඩලයෙන්ආදරය කියන
ජලය කපලා දානවා

මල්ල හිස් කරවන
සැහැල්ලුව වනසන
සිතට දුක ගෙන එන
මහ විකාරෙකි මේ කරුම පෙම


'කරුම පෙම'..???
වදන නම් අපූරුය..
නමුදු,,,
පෙම් 'කෙරුම'!
නොවෙද, කරුමෙට හේතුව???

ආදරේ හදවතට එන්නෙ
හරිම හෙමිහිට....
ලස්සනට.....
හරියට හීන් පොද වැස්සක් වගේ....
ඒත්...
ඒක ආපහු යන්නෙ
මුලු හිතම කඩාගෙන.....
හරියට මහ ගං වතුරක් වගේ.....